Showing posts with label ශ්‍රී ලංකා. Show all posts

කෝට්‌ටේ හිමිවරුන් දෙනම ඝාතනයට ගල්ගමුවේ බස්‌නායක නිලමේ දැලේ
කෝට්‌ටේ රජමහා විහාරයට කඩාවැදී එහි වැඩ සිටි භික්‍ෂූන් දෙනමක පෙරේදා (20) රාත්‍රී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු බව කියන ගල්ගමුව ප්‍රදේශයේ විහාරයක බස්‌නායක නිලමේවරයකු මහරගම පොලිසිය මගින් ඊයේ (21) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
භික්‍ෂූන් වහන්සේලා දෙනම ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්‌ඩායමක් ඇඹිලිපිටිය ප්‍රදේශයට පිටත් කර යවා ඇත.
මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු කියා ඇත්තේ කෝට්‌ටේ රජමහා විහාරයේ ඇතිබව කියන මැණික් එබ්බවූ රන් අසිපතක් සොරා ගැනීමට පැමිණි අවස්‌ථාවේ භික්‍ෂූන් වහන්සේලා තමන් හඳුනා ගැනීම නිසා මෙම ද්විත්ව ඝාතනය කිරීමට සිදුවූ බවයි.
ඊයේ (21) අලුයම මහරගමදී අත්අඩංගුවට ගත් සැකකරු ගල්ගමුව පලුගොල්ල ප්‍රදේශයේ විහාරයක බස්‌නායක නිලමේවරයකු ලෙස කටයුතු කරන අයෙකි. මොහු රැකියාව ලෙස රක්‍ෂණ ආයතනයක සේවය කරන 26 හැවිරිදි තරුණයෙකි.
මෙම සැකකරු කෝට්‌ටේ රජමහා විහාරයට නිතර ආගිය පුද්ගලයකු වන අතර එහි භික්‍ෂූන් වහන්සේලා සමගද සමීප මිත්‍රත්වයක් පවත්වාගෙන ගිය අයෙකි.මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින අනෙක් සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු කලක් චීවරධාරියකු ලෙස සිට පසුව සිවුරු හැර දමා සුළු රැකියාවක් කරගෙන යන බව පොලිසිය පවසයි.
මෙම ද්විත්ව ඝාතනය කිරීමට පෙරදින මොහු බොරලැස්‌ගමුව ප්‍රදේශයේ සිමෙන්ති වැඩ පළක සුළු රැකියාවක් සඳහා පැමිණ ඇති අතර එසේ පැමිණ ඇත්තෙ කෝට්‌ටේ රජමහා විහාරයට රාත්‍රි කාලයේ ඇතුළු වීමේ අරමුණ ඇතිව බවද පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.
භික්‍ෂූන් වහන්සේලා දෙනම ඝාතනය කළ පසු මොවුන් විහාර භූමියේ ස්‌ථාන දෙකකින් පිටවූ බව ඒ වන විට විහාරස්‌ථානය අසල සිටි කීප දෙනකු දැක ඇත. එක් සැකකරුවකු විහාරස්‌ථානය අසල නවතා තිබූ මෝටර් රථයක නැඟී පලා ගිය අතර ඒ අසල සිටි ප්‍රදේශවාසියෙක් එම මෝටර් රථයේ අංකය සටහන් කර ගත්තේය. ඝාතනය සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණ ආරම්භ වූයේ ඉන් පසුවය. සිද්ධිය සැලවූ වහාම බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, නියෝජ්‍ය පොලිස්‌පති අයි. එම්. කරුණාරත්න, පොලිස් අධිකාරි සාලිය සිල්වා, සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා ඇතුළු නිලධාරීහු කෝට්‌ටේ රජමහා විහාරය වෙත පැමිණියහ.
පොලිස් සුනඛයන් යොදා සෝදිසි කරන අතරතුර ඝාතකයාගේ ඉවපාරේ ගිය පොලිස් නිල සුනඛයන් විහාරය අසල නිවසකට යද්දී එහි මත්පැන් පානය කරමින් සිටි සිව් දෙනෙකු පැන දිව ගොස් ඇත. ඒ අවස්‌ථාවේ වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම පුද්ගලයන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර සැකකරුවන් පලා ගිය මෝටර් රථයේ අංකය ඔස්‌සේ පරීක්‍ෂණ පැවැත්වූ මහරගම පොලිසියේ ස්‌ථානාධිපති අනුරාධ මහින්දසිරි, පොලිස් පරීක්‍ෂක රණබාහු ඇතුළු නිලධාරීහු මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේද සහාය ඇතිව එම මෝටර් රථයේ හිමිකරු පිළිබඳව තොරතුරු සොයා ගත්හ.අදාළ මෝටර් රථයේ අංකය හිමි පුද්ගලයා මහරගම පිළියන්දල පාරේ ෂිරෝමනී මාවතේ පදිංචිකරුවකු බව හෙළි කරගත් පොලිසිය ඊයේ අලුයම එම නිවස වැටලූහ.නිවසේ දොරගුලු විවෘත කරගත් පොලිස් නිලධාරීන් නිවස පරීක්‍ෂා කරද්දී එහි නිදා සිටි බස්‌නායක නිලමේවරයා සොයා ගැනීමට හැකි විය.තමන් මෙම ද්විත්ව ඝාතනය පිළිබඳව කිසිවක් නොදන්නා බව සැකකරු අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ පොලිසියට ප්‍රකාශ කළේය.
නිවසේ පිටුපස ගරාජය පරීක්‍ෂා කරද්දී අදාළ අංකය සහිත මෝටර් රථය එහි තිබී සොයා ගැනීමට පොලිසියට හැකිවිය.පසුව පොලිසිය සැකකරුගෙන් දැඩි ලෙස ප්‍රශ්න කරද්දී ඔහු පවසා ඇත්තේ තමා තවත් පුද්ගලයකු සමග ගොස් මෙම ද්විත්ව ඝාතනය සිදුකළ බවයි.
බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පත්කළ විශේෂ පොලිස් කණ්‌ඩායමක් මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

සවුදි රජයෙන් ලංකාවට ආධාර

ජයසුන්දර මහතා සිය එක්දින සංචාරය අතරතුර සවුදි නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය හමඩ් අල් බසෙයි මහතා සමග ද සාකච්ඡා පවත්වා ඇති බව අරාබි මාධ්‍ය පෙන්වාදෙයි.එමෙන්ම සවුදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අහමඩ් ඒ.ජාවඩ් මහතා ද එම සාකච්ඡා සඳහා එක්වී තිබේ.අදාළ මූල්‍යාධාර ලබාදීම සම්බන්ධව සකස්කරන ලද ගිවිසුමට දෙපාර්ශවයේම එකඟත්වය පළවූ බව සංවර්ධනය සඳහා වූ සවුදි අරමුදලේ අධ්‍යක්ෂ අබ්දුල්ලා අල් ෂෙදෝඛි මහතා ප්‍රකාශ කර ඇත.
සන්ධාන මන්ත්‍රී තරුණියක් රාත්‍රිය පුරාම දූෂණය කරලා-තව පිරිසක් හවුල්
තරුණියක් පැහැරගෙන ගොස් තවත් පිරිසක් හා එක්ව දූෂණය කළ පූජාපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නලින්ද රාජනායක හා ත්‍රී රෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගැනීමට අංකුඹුර පොලීසිය කටයුතු කර ඇත. 19 දින පසුවරුවේ තරුණිය පැහැරගෙන මන්ත්‍රීවරයාට අයත් නිවසකදී තවත් පිරිසක් හා එක්ව දූෂණය කල බවට තරුණිය අංකුඹුර පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු අංකුඹුර පොලීසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ. අදාල අනෙක් පිරිස අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය විසින් පරීක්ෂණ කටයුතු සිදුකරන බව ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පූජාපිටිය ප‍්‍රාදේශීය සභාව නියෝජනය කරමින් තේරීපත්වූ නලින්ද රාජනායක නමැති මන්තී‍්‍රවරයායි.මොවුන් විසින් දහඅට හැවිරිදි තරුණියක් මෙලෙස කෙළෙසා ඇතැයි පැවසේ.සැකපිට අත්අඩංගුවටගෙන ඇති අනෙක් සැකකරු චමීර ජයසංඛ හෙවත් කළු මල්ලි නැමැත්තෙක් බව වාර්තා වේ.
කෝට්ටේ රජ මහා විහාරයේ භික්ෂු ඝාතනයක්

විහාරස්ථානය තුළදීම පිහියෙන් ඇණ බරපතළ තුවාල සිදුකිරීමෙන් පිටිගල ජිනසිරි හිමි(80)සහ බොරලැස්ගමුවේ ගුණරතන හිමි(60) යන ස්වාමීන් වහන්සේලා මෙසේ ඝාතනයට ලක් කර තිබුණි.මේ වන විට සිදුවීමට අදාළව සිව්දෙනකු පොලිස් අත්අඩංගුවට පත් වී ඇත.වහාම ක්‍රියාත්මක වූ පොලීසිය අද අලුයම පොලිස් සුනඛයන් යොදවා මෙම සිව්දෙනා අත්අඩංගුවට ගත් බව ආරංචි මාර්ග පවසයි.
බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 232ට ශ්‍රී ලංකා ඉනිම නිමාකරයි