skip to main |
skip to sidebar
ශ්‍රී ලංකාවේ මහාමාර්ග පද්ධතියේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් සවුදි අරාබිය විසින් රුපියල් මිලියන 225 ක මූල්‍යාධාරයක් පිරිනැමීමට එකඟත්වය පළකර ඇති බව අරාබි මාධ්‍ය වාර්තා කරයි.සංවර්ධනය සඳහා වූ සවුදි අරමුදලෙහි උප සභාපති යූසුෆ් අල් බසාම් මහතා සහ ශ්‍රී ලංකාවේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී.ජයසුන්දර මහතා අතර රියාද්හි පැවති හමුවක දී ඊට අදාළ ගිවිසුමෙහි කටයුතු සම්පාදනය කර ඇති බව ද සඳහන්ය.
ජයසුන්දර මහතා සිය එක්දින සංචාරය අතරතුර සවුදි නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය හමඩ් අල් බසෙයි මහතා සමග ද සාකච්ඡා පවත්වා ඇති බව අරාබි මාධ්‍ය පෙන්වාදෙයි.එමෙන්ම සවුදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අහමඩ් ඒ.ජාවඩ් මහතා ද එම සාකච්ඡා සඳහා එක්වී තිබේ.අදාළ මූල්‍යාධාර ලබාදීම සම්බන්ධව සකස්කරන ලද ගිවිසුමට දෙපාර්ශවයේම එකඟත්වය පළවූ බව සංවර්ධනය සඳහා වූ සවුදි අරමුදලේ අධ්‍යක්ෂ අබ්දුල්ලා අල් ෂෙදෝඛි මහතා ප්‍රකාශ කර ඇත.
Posted in: News,පුවත්,ශ්‍රී ලංකා
Email This
BlogThis!
Share to Facebook