විහාරස්ථානය තුළදීම පිහියෙන් ඇණ බරපතළ තුවාල සිදුකිරීමෙන් පිටිගල ජිනසිරි හිමි(80)සහ බොරලැස්ගමුවේ ගුණරතන හිමි(60) යන ස්වාමීන් වහන්සේලා මෙසේ ඝාතනයට ලක් කර තිබුණි.මේ වන විට සිදුවීමට අදාළව සිව්දෙනකු පොලිස් අත්අඩංගුවට පත් වී ඇත.වහාම ක්‍රියාත්මක වූ පොලීසිය අද අලුයම පොලිස් සුනඛයන් යොදවා මෙම සිව්දෙනා අත්අඩංගුවට ගත් බව ආරංචි මාර්ග පවසයි.
කෝට්ටේ රජ මහා විහාරයේ භික්ෂු ඝාතනයක්
කෝට්ටේ රජ මහා විහාරයේ වැඩ වාසය කළ භික්ෂුන් වහන්සේලා දෙනමක් ප්‍රහාරයකට ලක්ව ඝාතනය වී ඇති අතර ඊයේ රාත්‍රීයේ විහාරස්ථානය තුළදීම පිහියෙන් ඇණ බරපතළ තුවාල සිදුකිරීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව සඳහන් වේ.එක් ස්වාමීන් වහන්සේ නමක් එම ස්ථානයේම අපවත් වී ඇති අතර අනෙක් ස්වාමීන් වහන්සේ රෝහලට ඇතුළත් කරද්දී අපවත්ව ඇති බව වාර්තා වේ.